කොළඹ ජාත්‍යන්තර සරුංගල් සැණකෙළියට සමගාමීව පැවැත්වෙන විශේෂ රථ පෙළපාලිය අද (24) ගාලුමුවදොර පිටිය අසලින් ආරම්භ විය.

මෙම උත්සවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ සරුංගල් සැණකෙළිය පිළිබඳ උනන්දුව වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම රථ පෙළපාලිය සංවිධානය කර තිබේ.

ගාලුමුවදොර පිටියෙන් ආරම්භ වූ මෙම පෙළපාලිය කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග ඔස්සේ ගමන් කිරීමට නියමිතය.

සරුංගල් සැණකෙළියට එක්වන දේශීය සහ විදේශීය සහභාගිවන්නන්ගේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version