පිරිසිදු ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ ‘අත්තම’ නමින් නව වැඩසටහනක් අද (08) දින ආරම්භ විය. ප්‍රජා සහභාගීත්වය තුළින් පිරිසිදු හා ක්‍රමවත් පරිසරයක් නිර්මාණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා එක්ව සිටියේය. දෙහිවල ප්‍රදේශයේ පැවති මෙම වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
දෙහිවල සහ රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් සහ දෙහිවල-ගල්කිස්ස මහ නගර සභාවේ නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටීම කැපී පෙනුණි.
ප්‍රදේශයේ පවතින පාරිසරික ගැටලු විසඳීම සඳහා රාජ්‍ය ආයතන සහ මහජනතාව අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙම වැඩසටහන හරහා අපේක්ෂා කෙරේ.
