මහාමාර්ග අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේය. රටේ ආර්ථික තත්ත්වය හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර නවතා දමන ලද මාර්ග ඉදිකිරීම් කඩිනමින් යළි ආරම්භ කර ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ලබා දීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම සහ පොතුහැර – ගලගෙදර කොටස් ඇතුළු ප්‍රධාන ව්‍යාපෘති රැසක වත්මන් ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය. මීට අමතරව, වසර 15කට අධික කාලයක් ප්‍රතිසංස්කරණය නොකළ දිවයින පුරා පවතින A සහ B ශ්‍රේණියේ මාර්ග 130ක් පිළිබඳවද නිලධාරීන් ජනාධිපතිවරයා දැනුවත් කළේය.
ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සිදු කිරීමේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු මගින් ඉදිරිපත් වන ජනතා අවශ්‍යතාවලට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම, කුඩා මාර්ග සංවර්ධනය කිරීමේ වගකීම අදියර වශයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
නාගරික වාහන තදබදය පාලනය කිරීම සඳහා නවීන තාක්ෂණයෙන් යුත් ‘National Traffic Database’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සහ මාර්ග සංඥා පද්ධති ස්මාර්ට් තාක්ෂණය ඔස්සේ වැඩිදියුණු කිරීම පිළිබඳවද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
