ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ සංගමයේ (OPA) 39 වැනි වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව අවධාරණය කළාය. ‘ශ්‍රී ලංකාව ඉදිරියට: ආර්ථික අර්බුදයෙන් ඔබ්බට’ යන තේමාව යටතේ කොළඹදී මෙම සමුළුව පැවැත්විණි.
රටක් ලෙස අර්බුදයෙන් ගොඩ ඒම යනු හුදෙක් පැවති තත්ත්වයට ආපසු යාම නොවන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඒ වෙනුවට ශක්තිමත් ආයතනික ක්‍රමවේදයක්, විනිවිදභාවයකින් යුත් රාජ්‍ය පාලනයක් සහ සෑම පුරවැසියෙකුටම ඉදිරියට යා හැකි සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ඇය සඳහන් කළාය.
රටේ සංවර්ධනය සඳහා භෞතික සම්පත්වලට වඩා වෘත්තීයවේදීන්ගේ දැනුම, කුසලතාව සහ අත්දැකීම් රට වෙනුවෙන් උපයෝගී කර ගැනීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය. නිවැරදි ප්‍රතිපත්ති සම්පාදනය සඳහා පර්යේෂණ සහ දත්ත මත පදනම් වූ වෘත්තීයවේදීන්ගේ දායකත්වය රජයට ඉතා වැදගත් වේ.
වර්තමාන ලෝකයේ තාක්ෂණික දියුණුව සහ කෘත්‍රිම බුද්ධිය වැනි අභියෝග හමුවේ වෘත්තීයවේදීන්ට විශාල සමාජ වගකීමක් පැවරී ඇති බවත්, අසත්‍ය තොරතුරු පැතිරෙන යුගයක විද්‍යාත්මක පදනමකින් කරුණු ඉදිරිපත් කිරීම ඔවුන්ගේ වගකීමක් බවත් ඇය අවධාරණය කළාය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ඇතුළු වෘත්තීයවේදීන් රැසක් එක්ව සිටියහ. එහිදී OPA සංගමයේ නිල සඟරාව එළිදැක්වීම සහ සමුළුවේ නිල ලාංඡනය නිකුත් කිරීම ද සිදු කෙරිණි.
