ලෝක ආදිවාසී ජනතා දිනය නිමිත්තෙන් දඹාන ආදිවාසී උරුමයන් පිළිබඳ කෞතුකාගාර පරිශ්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළාය. ආදිවාසී ප්‍රජාවගේ දීර්ඝ කාලීන ඉල්ලීමක් වූ ආදිවාසී ජනතා පනත සඳහා වන කෙටුම්පත මේ වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව ඇය සඳහන් කළාය.

ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් අගමැතිනිය, අදාළ පනත සම්මත කර ගැනීමේදී සියලු පාර්ශ්ව සමඟ පුළුල් සාකච්ඡා පවත්වන බවද පැවසුවාය. සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික වනෝද්‍යාන ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවද ඇය අවධාරණය කළාය.

ආදිවාසී ජනතාවගේ දෛනික ජීවිතයට බලපාන ගැටලු කිහිපයක් විසඳීම සඳහා දැනටමත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවද අග්‍රාමාත්‍යවරිය සිහිපත් කළාය. ඒ අනුව වනාන්තර වෙත ප්‍රවේශ වීමේ අයිතිය, ලියාපදිංචිය සහ නීත්‍යානුකූල හැඳුනුම්පත් නිකුත් කිරීම වැනි කටයුතු සඳහා පහසුකම් සැලසෙනු ඇත.

මෙම උත්සවයේදී ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ මහතා විසින් ශ්‍රී ලංකා ආදිවාසී ජනතා ප්‍රජාවේ ප්‍රකාශනය අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී. පරිසරය සමඟ සහජීවනයෙන් ජීවත් වන ආදිවාසී ජනතාවගේ ජීවන රටාව අනාගත පරපුරට වැදගත් ආදර්ශයක් බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version