ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක සිය ස්ථානය තවදුරටත් උසස් කර ගැනීමට සමත්ව තිබේ.

ඒ අනුව, මීට පෙර පැවති ශ්‍රේණිගත කිරීම්වලට වඩා එක් ස්ථානයක් ඉදිරියට පැමිණි අසලංක, මේ වන විට ලෝක එක්දින පිතිකරුවන් අතර 9 වන ස්ථානය හිමිකරගෙන ඇත.

මෙම ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට ඉන්දීය පිතිකරු ශුබ්මන් ගිල් සමත්ව ඇති අතර, දෙවන ස්ථානය නවසීලන්තයේ ඩැරල් මිචෙල් වෙත හිමිව තිබේ. ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි තෙවන ස්ථානයේ පසුවෙයි.

චරිත් අසලංකගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරගාවලි සඳහා විශාල ශක්තියක් වනු ඇති බව ක්‍රිකට් විචාරකයින් පෙන්වා දෙයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version