පොළොන්නරුව, ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (13) ලංකාපුර තබාල ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමකදී මෙම කල් ඉකුත් වූ ආහාර තොගය සොයාගෙන ඇත.

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් සිදුකළ මෙම විශේෂ මෙහෙයුමේදී ප්‍රදේශයේ ආපනශාලා, සිල්ලර වෙළඳසැල් සහ හෝටල් පරිශ්‍ර රැසක් පරීක්ෂාවට ලක් කෙරිණි.

එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පැවති චොකලට් වර්ග සහ රටඉඳි තොගයක් නිලධාරීන් භාරයට ගත් අතර, එම ආහාර තොගය වහාම විනාශ කිරීමට පියවර ගෙන තිබේ.

මහජන සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරින් කල් ඉකුත් වූ ආහාර අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව ඉදිරියේදීත් දැඩි නීතිමය පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version