බෙන්තොට ප්‍රදේශයේ පිහිටි තරු පන්තියේ හෝටලයක නවාතැන් ගෙන සිටි ඉන්දීය ජාතික තරුණයින් පිරිසක් අතරින් අයෙකු මුහුදේ දිය නාමින් සිටියදී අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ (13) සවස 7.00ට පමණ හෝටලය ආසන්නයේ ඇති මුහුදු තීරයේදීය. අතුරුදහන් වූ තරුණයා බැංගලෝර්හි පිහිටි ගූගල් ආයතනයක සේවය කරන 24 හැවිරිදි අයෙකු බව හඳුනාගෙන ඇත.
ඔහු දිය නාමින් සිටියදී හදිසියේ ඇති වූ ප්‍රබල දිය රළකට හසුවීමෙන් මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හෝටල් කළමනාකාරීත්වය විසින් බෙන්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අතුරුදහන් වූ තරුණයා සොයා බෙන්තොට පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
