ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ හමුවක් ඊයේ (17) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදුවිය.
මෙම හමුවේදී ජාතික වැදගත්කමකින් යුත් කරුණු රැසක් පිළිබඳව දෙපාර්ශවය අතර සුහද අදහස් හුවමාරුවක් සිදු වූ බව නාවික හමුදාව නිවේදනය කරයි. විශේෂයෙන්ම ජාතික මට්ටමේ කාර්යයන් සඳහා නාවික හමුදාව ලබා දෙන සහයෝගය පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.
මෙම නිල හමුව සනිටුහන් කිරීම සඳහා නාවික හමුදාපතිවරයා විසින් අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වන ලදී.
