කැනඩාව සහ එක්සත් ජනපදය අතර පවතින වෙළඳ ගිවිසුමේ ලේඛන කටයුතු අවසන් කිරීමට යටත්ව, කැනේඩියානු ආනයන භාණ්ඩ සඳහා පැනවීමට නියමිතව තිබූ 50%ක නව තීරුබද්ද දින තුනකින් කල් දැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇත.

මෙම තීරණය නිවේදනය කර ඇත්තේ නව බදු ක්‍රියාත්මක වීමට පැය දෙකකටත් අඩු කාලයක් ඉතිරිව තිබියදී වීම විශේෂත්වයකි. මෙම නව තීරුබදු ක්‍රියාත්මක වුවහොත් ඩොලර් බිලියන 20කට ආසන්න කැනේඩියානු ආනයන ප්‍රමාණයකට බලපෑම් එල්ල වීමට නියමිතව තිබුණි.

අදාළ බදු පැනවීම මගින් වයින්, කිරි නිෂ්පාදන, සිමෙන්ති, ඇඳුම් පැළඳුම් සහ හොකී උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආවරණය වීමට නියමිතව තිබිණි. දෙරට අතර මෝටර් රථ තීරුබදු සහ කිරි නිෂ්පාදන වෙළඳපොළ ප්‍රවේශය සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා පැවැත්වෙමින් පවතී.

මේ අතර, වෙළඳ ගිවිසුම සාර්ථක වුවහොත් ඇල්බර්ටා ප්‍රාන්තය එක්සත් ජනපදයට සම්බන්ධ කරන කීස්ටෝන් XL තෙල් නල මාර්ග ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version