යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ප්‍රසිද්ධ නිර්මාංශ ආපන ශාලාවකට එරෙහිව යාපනය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම දැඩි දඩ මුදල නියම කර ඇත.

මෙම ආපන ශාලාවේ පානීය ජල බෝතල් අලෙවි කරනු ලබන්නේ පාලන මිලට වඩා වැඩි මිලකට බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.

අදාළ වැටලීමේදී එම ආපන ශාලාව විසින් වැඩි මිලට ජල බෝතල් අලෙවි කරන බව තහවුරු වීමෙන් අනතුරුව, ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගනිමින් යාපනය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

අද දින (25) කැඳවූ නඩු විභාගයේදී එම ආපන ශාලාවේ හිමිකරුට රුපියල් නව ලක්ෂ පනස් දහසක (950,000) දඩ මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.

එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් මාස හයක කාලයක් සඳහා සිරදඬුවම් විඳීමට සිදුවන බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version