බෙයිජිං නුවර පැවති දෙවැනි ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී, අති නවීන මානව රූපී රොබෝවෙකු මීටර් 100 ධාවන තරගය තත්පර 9.39ක කාලයකින් නිම කිරීමට සමත්විය.

මෙම දස්කම ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවන ශූර උසේන් බෝල්ට් විසින් 2009 වසරේදී පිහිටුවූ තත්පර 9.58ක ලෝක වාර්තාව අභිබවා යාමක් ලෙස මේ වන විට ලොව පුරා කතාබහට ලක්ව තිබේ.

කෙසේ වෙතත්, මෙය රොබෝවරුන් සඳහා වූ තරගාවලියකදී පිහිටුවූ වාර්තාවක් මිස, මිනිස් ක්‍රීඩකයන් සඳහා වන නිල ලෝක වාර්තාව බිඳ දැමීමක් නොවන බව සංවිධායකයෝ පවසති.

මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 16ක කණ්ඩායම් 666ක් සහ රොබෝවරුන් 2,000කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටිති. කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන මෙම රොබෝවරුන් පාපන්දු, බොක්සිං සහ මේස පන්දු වැනි ක්‍රීඩා රැසකදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සිටී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version