2023 වසරේදී බණ්ඩාරවෙල, පූනාගල කබරගල ප්‍රදේශයේ ඇති වූ නායයෑමේ ව්‍යසනය හේතුවෙන් සිය නිවාස අහිමි වූ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස ව්‍යාපෘතිය අද (28) නිල වශයෙන් ජනතා අයිතියට පත් කරන ලදී.

‘නවෝදයාපුර’ ලෙස නම් කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පසුගිය කාලසීමාව තුළ ස්වභාවික ආපදා හේතුවෙන් අවතැන්ව සිටි පවුල් සඳහා ස්ථිර නිවාස ලබා දීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගී වී සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version