විශේෂඥ වෛද්‍යවරුන් වෙනුවෙන් අනන්‍ය සේවා කාණ්ඩයක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර ඇත. මෙම තීරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, මෙය වසර 15ත් 20ත් අතර කාලයක් පුරා පැවති දීර්ඝකාලීන අවශ්‍යතාවයක් ඉටුවීමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
මෙම පියවර ඔස්සේ විශේෂඥ වෛද්‍ය සේවාව වඩාත් ශක්තිමත් කිරීමටත්, මහජනතාවට ගුණාත්මක මෙන්ම වගකීම් සහගත සේවාවක් ලබා දීමටත් හැකි වනු ඇති බව එම සංගමය පෙන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා සඳහන් කළේ, මෙම තීරණය සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු විශාල වරප්‍රසාදයක් බවයි.
මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට සිය ස්තූතිය පළ කරන බවද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
රජයේ මෙම තීරණයත් සමඟ ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවාවන් වඩාත් උසස් මට්ටමකින් ජනතාව වෙත ලබා දීමට කටයුතු කරන බව එම සංගමය අවධාරණය කරයි.
