පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘පොල් දෙසතිය’ වැඩසටහනට සමගාමීව මෙම නව ව්‍යාපෘතිය දියත් කෙරේ. ගලිගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙම වැඩසටහන හරහා ගෙවතු ආශ්‍රිතව සාර්ථකව පොල් පැල සිටුවා ගන්නා ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම පොල් වගාව සඳහා නිසි ලෙස පොහොර යෙදීම සහ නවීන තාක්ෂණික ක්‍රමවේද පිළිබඳව ගොවි ජනතාවට ක්ෂේත්‍රගත පුහුණුවක් ලබා දීමට නියමිතය.

දේශීය පොල් නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ගෙවතු වගාව දිරිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි. ඒ හරහා ඉදිරි වසර තුළ රටේ පොල් අස්වැන්න වර්ධනය කර ගැනීමට හැකි වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version