නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාරිසරික සංරක්ෂණය, ජල පෝෂක කලාප සුරැකීම සහ තිරසාර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
නුවරඑළිය සංචාරක කලාපයේ හෝටල් සහ ව්‍යාපාරික ස්ථාන සඳහා පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමටත්, අපජලය බැහැර කිරීමේදී ජල මූලාශ්‍ර දූෂණය වීම වැළැක්වීමට අඛණ්ඩ පරීක්ෂණ පැවැත්වීමටත් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ජල පෝෂක කඳුකර ප්‍රදේශ ආශ්රිත හෙක්ටයාර 1500ක පමණ භූමි ප්‍රමාණයක් කඩිනමින් ආරක්ෂිත කලාප ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කමිටුව ඒකමතිකව එකඟ විය.
නායයෑම් වැනි ස්වාභාවික ආපදා අවම කර ගැනීම සහ නීතිවිරෝධී වන විනාශයන් වැළැක්වීම සඳහා රාජ්‍ය ආයතන ඒකාබද්ධ කර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී පියවර ගැනුණි. නුවරඑළියේ පාරිසරික අනන්‍යතාව රැකගනිමින් සංචාරකයන්ට සහ ප්‍රදේශවාසීන්ට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර