රටේ ආර්ථිකයට දායක වන සෑම පුරවැසියෙකුටම ගෞරවනීය සහ සුරක්ෂිත ජීවිතයක් උරුම කර දීම රජයේ මූලික වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පූනාගල, කබරගල ප්‍රදේශයේ ඉදිකළ ‘නවෝදයාගම’ නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
2023 වසරේ සිදු වූ නායයෑමකින් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදි කර තිබේ. වසර තුනහමාරකට ආසන්න කාලයක් දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වූ මෙම පවුල් සඳහා පර්චස් 10ක ඉඩම් සහ අංග සම්පූර්ණ නිවාස ලබා දීමට රජය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් මෙම ඉදිකිරීම් සිදු කෙරිණි.
මලෛයගම් ජනතාව ඇතුළු රටේ සියලුම ජන කොටස්වලට සමාන අයිතිවාසිකම් සහ අභිමානවත් ජීවිතයක් ලබා දීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. ඉදිරියේදී වතු සමාගම් සමඟ ඇති කරගන්නා ගිවිසුම්වලදී ද ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විශේෂ වගන්ති ඇතුළත් කිරීමට පියවර ගන්නා බව ඔහු පැවසීය.
මධ්‍යම කඳුකරයේ පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් සියලු ආයතන ඒකාබද්ධ කර ‘මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරියක්’ පිහිටුවීමට ද රජය සැලසුම් කර ඇත. එම පනත මේ වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම උත්සවයේදී ප්‍රතිලාභීන් වෙත නිවාස යතුරු සහ හිමිකම් ඔප්පු ප්රදානය කිරීම ද සිදු විය. මීට අමතරව, බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් ප්‍රතිලාභීන් 163 දෙනෙකු සඳහා ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නිවාසවල සින්නක්කර ඔප්පු ප්රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.


අනුර කුමාර දිසානායක
හරිනි අමරසූරිය
සජිත් ප්‍රේමදාස
සිවඥානම් ශ්‍රීතරන්
රවුෆ් හකීම්
රනිල් වික්‍රමසිංහ
ආගම / බුද්ධාගම
ආදර්ශ පාඨය
ආධ්‍යාත්මිකත්වය
ඉතිහාසය
ඉන්දියාව
අනුරාධපුර