‘වෙල්ලේ සාරංග’ ලෙස ප්‍රකට සාරංග ප්‍රදීප් නමැත්තා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ බුද්ධි අංශ නිලධාරීන් සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා විසින් ලබාදුන් තොරතුරුවලට අනුව ඩුබායි පොලිසිය විසින් සිදුකළ මෙහෙයුමකිනි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කොකේන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බවද සඳහන් වේ.

‘බස් ලලිත’ හෙවත් ලලිත් කන්නන්ගර නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විමර්ශනවලදී ලැබුණු තොරතුරු මත මෙම වැටලීම සිදුකර තිබේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version