ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ඉරිදා (අගෝස්තු 23) කළුතර පැනරෝමා හෝටලයේදී විශේෂ මහජන දින වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
මෙම වැඩසටහන මගින් හිටපු රණවිරුවන්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ ප්‍රදේශයේ මහජනතාවට තම ගැටලු සහ ඉල්ලීම් සෘජුවම නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය.
ජනතාව ඉදිරිපත් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා අදාළ නිලධාරීන්ට එම ස්ථානයේදීම උපදෙස් ලබා දීමට පියවර ගත්තේය.
ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු වඩාත් විනිවිදභාවයකින් සහ ජනතා කේන්ද්‍රීයව පවත්වාගෙන යාමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ අතර, ඔවුන් විසින් අවශ්‍ය තාක්ෂණික සහ පරිපාලනමය සහයෝගය ලබා දෙන ලදී.
