2027 වර්ෂය සඳහා වලංගු ගිනිඅවි බලපත්‍ර හිමි පුද්ගලයින් සහ ආයතන සඳහා සිය බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය අද (සැප්තැම්බර් 01) දින සිට ආරම්භ වී තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයකට අනුව, අදාළ සියලුම බලපත්‍ර හිමියන් 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර සිය බලපත්‍ර අලුත් කරගත යුතු වේ.
නියමිත කාලසීමාව තුළ බලපත්‍ර අලුත් කර නොගන්නා පුද්ගලයින්ට එරෙහිව තුවක්කු ආඥාපනතේ 22 වන වගන්තිය ප්‍රකාරව නීතිමය පියවර ගනු ඇත. වලංගු බලපත්‍රයක් නොමැතිව ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බව අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.
තවද, පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ද මෙම කාලසීමාව තුළ ලියාපදිංචිය අලුත් කරගත යුතු අතර, එසේ අපොහොසත් වන ආයතන සඳහා ප්‍රමාද ගාස්තු අය කිරීම හෝ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.
කිසියම් අපහසුතාවයකින් තොරව නීත්‍යානුකූලව කටයුතු කිරීම සඳහා නියමිත දිනට පෙර බලපත්‍ර අලුත් කර ගන්නා ලෙස බලධාරීන් මහජනතාවගෙන් සහ අදාළ ආයතනවලින් ඉල්ලා සිටී.
