නිකවැරටිය නගරයේදී අනවසරයෙන් සහ අක්‍රමවත් ලෙස ධාවනය කරමින් තිබූ අධි ධාරිතා යතුරුපැදි හතරක් පොලිස් භාරයට ගැනීමට නිකවැරටිය පොලිසිය කටයුතු කර ඇත.

මෙම යතුරුපැදි ධාවනය කරමින් සිටි තරුණයින් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් විසින් යතුරුපැදිවලට විවිධ ශබ්ද නගන සයිලන්සර් සවිකර අධික වේගයෙන් මාර්ගයේ ගමන් කරමින් සිට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිසිය සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී මෙම සියලුම යතුරුපැදි සඳහා ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බව ද තහවුරු වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 18, 19, 20 සහ 22 යන වයස්වල පසුවන නිකවැරටිය, විතිකුලිය, කොබෙයිගනේ සහ තුත්තිරිපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version