විශ්වයේ සැඟවී ඇති අබිරහස් සහ අඳුරු ශක්තිය පිළිබඳ ගවේෂණය කිරීමේ අරමුණින් නාසා ආයතනය විසින් දියත් කළ නවතම සහ බලගතු දුරේක්ෂය වන ‘නැන්සි ග්‍රේස් රෝමන්’ සාර්ථකව අභ්‍යවකාශගත කර ඇත. ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් මෙම දුරේක්ෂය දියත් කෙරුණේ පසුගිය දිනෙකයි.
මෙම දුරේක්ෂය හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂවලට වඩා 100 ගුණයක විශාල දර්ශන ක්ෂේත්‍රයක් ආවරණය කිරීමට සමත් වේ. දියත් කිරීමෙන් මිනිත්තු 30කට පසු රොකට්ටුවෙන් වෙන් වූ රෝමන් දුරේක්ෂය, පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් පමණ දුරින් පිහිටි සිය කක්ෂගත ස්ථානය වෙත ගමන් කරමින් පවතී.
මෙම මෙහෙයුම මගින් අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහලෝක දස දහස් ගණනක් හෝ ඇතැම් විට ලක්ෂයක් පමණ හඳුනා ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයින් විශ්වාසය පළ කරති. නාසා පරිපාලක නිකී ෆොක්ස් සඳහන් කළේ, මෙම දුරේක්ෂය මගින් විශ්වය දෙස බලන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් වනු ඇති බවයි.
මෙම සාර්ථක දියත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිවරයා ද සිය සුබ පැතුම් පිරිනමා ඇති අතර, ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයින් සහ තාක්ෂණික ශිල්පීන් මෙම මෙහෙයුම අතිශය සාර්ථක එකක් ලෙස හඳුන්වා දී තිබේ.
