ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සහ රටේ අපනයන ආදායම ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට (02) ආරම්භ කිරීමට නියමිතය.

මෙම වැඩසටහන මගින් නව රැකියා උත්පාදනය සහ ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම ප්‍රධාන අරමුණු බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි. ලෝක පොල් දිනයට සමගාමීව මෙම වැඩපිළිවෙළ දියත් කරනු ලබයි.

වැඩසටහනේ ප්‍රධාන සමාරම්භක උත්සවය කුරුණෑගල දිස්ත්‍රික්කයේ, පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාකඳුර ප්‍රදේශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එහිදී පළමු අදියර යටතේ තැඹිලි ගම්මාන 20ක් පමණ ස්ථාපිත කිරීමට නියමිතය.

“Ceylon King Coconut Villages” ලෙස නම් කර ඇති මෙම ජාතික ව්‍යාපෘතිය හරහා දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. එමගින් මෙරට පොල් කර්මාන්තයේ ඵලදායිතාව සහ අපනයන හැකියාව ඉහළ නැංවීම රජයේ අපේක්ෂාවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version