ශ්‍රී ලංකා රේගුව විසින් අගෝස්තු මාසය වෙනුවෙන් පනවා තිබූ ආදායම් ඉලක්කය නියමිත කාලසීමාවට පෙරම සපුරා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව, අගෝස්තු මාසය සඳහා රේගුව වෙත ලැබිය යුතු රුපියල් මිලියන 190,274ක ඉලක්කය පසුගිය 27 වන දින වන විට සම්පූර්ණ කර තිබේ.

එම ඉලක්කය අභිබවා යමින් අගෝස්තු මාසයේ සමස්ත ආදායම රුපියල් මිලියන 199,629ක් දක්වා ඉහළ නංවා ගැනීමට රේගු දෙපාර්තමේන්තුවට හැකි වී ඇත.

මේ වසර සඳහා රේගුව වෙත පනවා ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206.995කි. වසරේ ගතවූ මාස අටක කාලය තුළ රේගුව විසින් උපයා ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 1,832.7ක් ලෙස වාර්තා වේ.

පසුගිය 2025 වසරේදී ද රේගුව සිය ආදායම් ඉලක්ක අභිබවා යමින් රුපියල් බිලියන 2,557.535ක ඉහළ ආදායමක් වාර්තා කිරීමට සමත් විය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version