ඉදිරි වසර හය තුළ ශ්‍රී ලංකාව බිම් බෝම්බවලින් සම්පූර්ණයෙන්ම නිදහස් රටක් බවට පත් කිරීම රජයේ අරමුණ බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් කුමුදුලාල් බෝගහවත්ත මහතා පවසයි.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව යළි පදිංචි කිරීමේ ජාතික වැඩසටහන යටතේ මේ වන විටත් නිවාස තිස්පන්දහසක් ඉදිකර ජනතා අයිතියට පත් කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් පවතින බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම මගින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග නංවාලීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා අදාළ අංශ සමඟ එක්ව අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, පූර්ණ බිම් බෝම්බ රහිත රටක් නිර්මාණය කිරීම සඳහා රජය දැඩි කැපවීමකින් කටයුතු කරන බවත් ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version