පසුගිය ජූලි මස 23 වන දින කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයින් තිදෙනෙකු පැහැරගෙන ගොස් ඉන් එක් අයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සමත් වී තිබේ.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, ඊයේ (4) දින වරාය නගර ප්‍රදේශයේදීම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 54 හැවිරිදි වියේ පසුවන චීන ජාතිකයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version