රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් එස්.බී. කොහොන මහතාගේ මගපෙන්වීම යටතේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්විණි.

ගලෙන්බිඳුනුවැව රණවිරු සංසදයේ පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ, ආබාධිත රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් උතුරේ ජනතාවගේ ජීවිත බේරාගැනීම වෙනුවෙන් ස්වකීය රුධිරය පරිත්‍යාග කිරීමයි.

අතීතයේ ගැටුම් පැවති ප්‍රදේශවල ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් යාපනය ලේ බැංකුව වෙත මෙම රුධිර පරිත්‍යාගය සිදු කෙරිණි. ජාති, ආගම් භේදයකින් තොරව මානුෂීය පදනමින් සිදු කළ මෙම ක්‍රියාව ජාතික සංහිඳියාව තහවුරු කරන ආදර්ශමත් පියවරක් ලෙස සැලකේ.

මෙම අවස්ථාව සඳහා යාපනය රෝහලේ ලේ බැංකුවේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, අනුරාධපුර දිස්ත්‍රික් රණවිරු නිලධාරීන් සහ ගලෙන්බිඳුනුවැව රණවිරු සංසදයේ සාමාජිකයන් එක්ව සිටියහ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version