රට තුළ දිනෙන් දින ඉහළ යන රිය අනතුරු පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘Take Care’ සුරැකෙමු මගතොට වැඩසටහනේ තවත් අදියරක් අද (10) පැවැත්වීමට නියමිතය.

මෙම වැඩසටහන බලංගොඩ ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර ඇත. ස්වාධීන රූපවාහිනිය සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරයි.

ජාතික වගකීමක් ලෙස සලකා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙම වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙයි. රිය අනතුරු අවම කරගැනීම සඳහා සිසු දරුවන් දැනුවත් කිරීම සහ ඔවුන් හරහා සමාජය දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබේ.

මෙම වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 17 වන වැඩසටහන ලෙස මෙය ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version