උතුරු කොරියාව විසින් නැගෙනහිර වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් බැලැස්ටික් මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
අද අලුයම 5.20ට පමණ වොන්සාන් ප්‍රදේශයේ සිට මෙම මිසයිල දියත් කර ඇති අතර, ඒවා කිලෝමීටර් 250ක පමණ දුරක් ගමන් කර ඇති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ මණ්ඩලය සඳහන් කරයි.
මෙම සිදුවීමත් සමඟ දකුණු කොරියාව සිය ආරක්ෂක අංශවල නිරීක්ෂණ කටයුතු තීව්ර කර ඇති අතර, සිදුවීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ජපානය සමඟ සමීපව තොරතුරු හුවමාරු කර ගනිමින් සිටී.
උතුරු කොරියාවේ මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ අදාළ ආයතන එක්ව හදිසි ආරක්ෂක රැස්වීමක් පවත්වා තත්ත්වය සමාලෝචනය කර තිබේ.
