චත්‍ර වීරමන්ගේ අධ්‍යක්ෂණයෙන් තිරගත වූ ‘ආයු’ සිනමාපටයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ‘නිෂ්මි’ගේ චරිතය නිරූපණය කරමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් සැන්ඩ්‍රා, මෑතකදී පැවති සම්මාන උළෙලකදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය.
එම සිනමා නිර්මාණය තුළින් ඇය දැක්වූ රංගන ප්‍රතිභාව ජූරියේ දැඩි ඇගයීමට ලක්වූ අතර, දක්ෂතම නිළිය සහ ජනප්‍රියම නිළිය යන සම්මාන දෙකම එකම සිනමාපටයක් වෙනුවෙන් දිනා ගැනීමට ඇය සමත් වීම විශේෂත්වයකි.
ජීවිතයේ අභියෝග හමුවේ නොසැලී සිටින කාන්තාවකගේ අභ්‍යන්තර ශක්තිය සහ මානුෂීය බැඳීම් ඉතා සියුම් ලෙස රංගනයට නැගීමට සැන්ඩ්‍රා දැක්වූ හැකියාව මෙහිදී කැපී පෙනුණි.
තම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, සිය රංගන ගමන අගය කරමින් ප්‍රේක්ෂකයන් ලබා දුන් සහයෝගය සහ ආදරය තමන්ට බෙහෙවින් වැදගත් බවයි.
