දකුණු අප්‍රිකාවේ N1 අධිවේගී මාර්ගයේ සිදුවූ දරුණු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කුඩා බස් රථ දෙකක් සහ SUV රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
ප්‍රවාහන බලධාරීන් සඳහන් කරන්නේ, මෙම බස් රථ දෙක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර ආරම්භ වී ඇති අතර පසුව SUV රථය ද එම වාහනවල ගැටී ඇති බවයි. අනතුර සිදුවූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බැවින් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවයි.
තුවාල ලැබූවන් රෝහල්ගත කිරීමට පියවර ගත්තද, ඔවුන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළේය. මේ වන විට අනතුර සිදුවූ අධිවේගී මාර්ගයේ කොටසක් විමර්ශන කටයුතු සඳහා තාවකාලිකව වසා දමා ඇත.
දකුණු අප්‍රිකාවේ දෛනික ප්‍රවාහන කටයුතු සඳහා බහුලව භාවිත කරන කුඩා බස් රථ මෙවැනි මාරාන්තික අනතුරුවලට නිරන්තරයෙන් ලක්වීම එරට පවතින බරපතල ගැටලුවක් බවද වාර්තා වේ.
