සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘කළුබෝවිල අවිශ්ක’ නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ බව කියන ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වී තිබේ.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කොහුවල, කළුබෝවිල ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 10ක් සහ හෙරොයින් ග්‍රෑම් 504ක් සොයාගෙන ඇති බව වාර්තා වේ. මීට අමතරව, සැකකරු සන්තකයේ තිබී විද්‍යුත් තරාදියක්, රබර් මුද්‍රා දෙකක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.
