කොළඹ 07, බාන්ස් පෙදෙසේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර විකිණීම මගින් රුපියල් කෝටියක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු 73 වන වියේ පසුවන කළුතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

සැකකරු විසින් අදාළ ව්‍යාජ ලේඛන අධිකරණ කටයුතු සඳහා ද ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත. රුපියල් දස මිලියනයක මුදලක් වංචා කර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version