කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රාදේශීය සභාවට අයත් ප්‍රදේශයේ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්‍ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීම සිදු විය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 15කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන “Clean Sri Lanka” වැඩසටහනට සමගාමීව ඉදිකෙරෙන ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන 58න් එකක් ලෙස මෙය ස්ථාපිත කෙරේ.

මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඉදිරි වසර තුනක කාලය තුළ සනීපාරක්ෂක බිම් පිරවුම් වෙත යොමුවන අපද්‍රව්‍ය ප්‍රමාණය 30%කින් අවම කර ගැනීමයි. මෙමගින් පරිසර හිතකාමී අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේදයක් ප්‍රදේශය තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version