එංගලන්ත සංචාරයේදී පැවැති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලකුණු 119කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 254ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළේය. එංගලන්ත නායක හැරී බෲක් නොදැවී ලකුණු 114ක් රැස් කළ අතර ජොස් බට්ලර් පන්දු 44කදී ලකුණු 80ක් ලබා ගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 255ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 33ක් සහ දසුන් ශානක ලකුණු 24ක් ලබා ගත්තද, එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.
