රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් සඳහා වෛද්‍ය පරීක්ෂණ වේලාවන් වෙන්කරවා ගැනීම වෙනුවෙන් නව ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා සඳහන් කළේ, මෙම නව ක්‍රමය හෙට (24) දින සිට ක්‍රියාත්මක වන බවයි.

මෙම නවීන තාක්ෂණික ක්‍රමවේදය ඔස්සේ ඕනෑම දුරකථන ජාලයක් භාවිතා කරමින් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය දිනය සහ වේලාව පහසුවෙන් වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.

මෙම සේවාව ලබා ගැනීමේදී වේලාවන් වෙන්කරවා ගැනීම සඳහා කිසිදු අමතර ගාස්තුවක් අය නොකරන බවද බලධාරීන් වැඩිදුරටත් තහවුරු කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version