ඕස්ට්රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්යම ආසියානු අංශයේ පළමු සහකාර ලේකම් සාරා ස්ටෝරි මහත්මිය අද (23) ආරක්ෂක අමාත්යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්රාමික) මහතා හමුවිය.
මෙම හමුවේදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ අන්යෝන්ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම ශ්රී ලංකාව සහ ඕස්ට්රේලියාව අතර ආරක්ෂක සහ සහයෝගීතා ක්ෂේත්රයන්හි ඉදිරි පියවරයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකාවේ ඕස්ට්රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්සන් මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
