ඉන්දියාවේ උත්තර් ප්රදේශ් ප්රාන්තයේ, ග්රේටර් නොයිඩා ප්රදේශයේ යමුනා අධිවේගී මාර්ගයේදී සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 35 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති අතර, ඉන් වැඩි පිරිසක් නින්දේ පසුවී ඇත. බස් රථය නොයිඩා සිට මහෝබා බලා ගමන් කරමින් තිබියදී මෙම ඛේදවාචකය සිදුව තිබේ.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ ඇති වූ පිපිරීමක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි. එන්ජිමේ ලිහිසි තෙල් ගිනි ගැනීමත් සමඟ ගින්න වේගයෙන් බස් රථය පුරා පැතිර ගොස් ඇත. ඇතැම් මගීන් ජනේලවලින් පිටතට පැන දිවි බේරා ගැනීමට උත්සාහ කර ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් උත්තර් ප්රදේශ් ප්රධාන අමාත්ය යෝගි ආදිත්යනාත් සිය ශෝකය පළ කර ඇති අතර, මියගිය අයගේ පවුල්වලට වන්දි ලබාදීමටත්, තුවාල ලැබූවන්ට අවශ්ය ප්රතිකාර ලබාදීමටත් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබේ.
ජේවර් පොලිසිය සහ ගිනි නිවන අංශ එක්ව මේ වන විටත් සහන මෙහෙයුම් සහ වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
