හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව ඉන්දීය බන්ධනාගාරයක රඳවා සිටියදී පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම සැකකරු ඉන්දීය රජය විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර සිටි අයෙකි. ඉන්දීය බන්ධනාගාරයෙන් පලාගොස් මුහුදු මාර්ග ඔස්සේ වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ සැඟව සිටියදී මීට පෙර වෙන්නප්පුව පොලිසිය විසින් මොහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

අදාළ නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පලාගොස් තිබූ සැකකරු, වාද්දුව ප්‍රදේශයේ සැඟව සිටියදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. අගුලාන ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු ලෙස මොහු හඳුනාගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, උදර්පන නීතිය යටතේ මෙම සැකකරු ඉදිරියේදී ඉන්දීය රජය වෙත භාරදීමට නියමිත බවයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version