කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් පුද්ගලයෙකුගේ හඬ ක්ලෝන කිරීම සම්බන්ධයෙන් ජපානයේ ටෝකියෝ දිස්ත්රික් අධිකරණය විසින් වැදගත් තීන්දුවක් ලබා දී තිබේ. පුද්ගලයෙකුගේ රූපය භාවිත කිරීමේ අයිතිවාසිකම් මෙන්ම හඬ භාවිතය සම්බන්ධ අයිතිවාසිකම් ද ‘ප්රසිද්ධියට පත්වීමේ අයිතිය’ (publicity right) යටතේ ආරක්ෂා කළ යුතු බව අධිකරණය මෙහිදී තහවුරු කළේය.
මෙම නඩුව ගොනු කර තිබුණේ ජනප්රිය හඬ නළුවෙකු වන කෙන්ජිරෝ සුඩා විසිනි. තම හඬට සමාන හඬක් යොදා ගනිමින් AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝ මාලාවක් සමාජ මාධ්ය වේදිකාවකින් ඉවත් කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, අදාළ වීඩියෝ ගිණුම දැනටමත් මකා දමා තිබීම හේතුවෙන් අධිකරණය විසින් ඔහුගේ ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත.
පැමිණිලිකරු චෝදනා කළේ, නිර්නාමික පුද්ගලයෙකු විසින් 2024 සහ 2025 අතර කාලය තුළ තමාගේ හඬට සමාන හඬක් යොදා ගනිමින් වීඩියෝ 188ක් අන්තර්ජාලයට එක් කර ඇති බවයි. මෙම වීඩියෝ හරහා මසකට යෙන් 500,000ත් 750,000ත් අතර ආදායමක් උපයා ඇති බවත්, එමගින් නරඹන්නන් නොමඟ යැවෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ජපානයේ හඬ භාවිතය සම්බන්ධයෙන් පැහැදිලි නීති නොමැති වුවද, මෑතකදී අධිකරණ අමාත්යාංශය විසින් නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව සැබෑ පුද්ගලයින්ගේ හඬට සමාන හඬවල් යොදා ගනිමින් ආදායම් ඉපයීම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් විය හැකිය. මෙම තීන්දුව AI තාක්ෂණය සහ පුද්ගල අයිතිවාසිකම් අතර ගැටුම සම්බන්ධයෙන් ජපානයේ ලබා දුන් පළමු තීන්දුව ලෙස සැලකේ.
