තලෙයිමන්නාරමේ සිට රාම සේතු ආශ්‍රිත වැලි පර 08ක් නැරඹීම සඳහා සංචාරක බෝට්ටු සේවාවක් ඔක්තෝබර් 15 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් මන්නාරම දිස්ත්‍රික් ලේකම් කේ. කනකේශ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.

මෙම සංචාරක ව්‍යාපෘතිය සඳහා දැනටමත් පරීක්ෂණ චාරිකා සිදුකර ඇති අතර, ඒ අනුව සංචාරකයින්ට ආරක්ෂිතව වැලි පර නැරඹීමට අවස්ථාව සැලසේ. එක් බෝට්ටුවක උපරිම වශයෙන් සංචාරකයින් 07 දෙනෙකුට ගමන් කිරීමට අවසර හිමිවේ.

මෙම සංචාරය සඳහා වන ගාස්තු ව්‍යුහය ද මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, වනජීවී දෙපාර්තමේන්තුව විසින් එක් අයෙකුගෙන් රුපියල් 140ක ගාස්තුවක් අය කරනු ලබන අතර, බෝට්ටු හිමියන් විසින් එක් අයෙකු සඳහා රුපියල් 2,500ක ගාස්තුවක් අය කරනු ඇත. ඒ අනුව බෝට්ටුවක් සඳහා සමස්ත ගාස්තුව රුපියල් 17,500ක් ලෙස තීරණය කර තිබේ.

මෙම ගාස්තුව යටතේ සංචාරකයින්ට ශ්‍රී ලංකාවට අයත් වැලි පර 05ක් දක්වා ගොස් නැරඹීමේ අවස්ථාව හිමිවන බව බලධාරීන් සඳහන් කරයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version