මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය තවත් උත්සන්න කරමින් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරමින් තිබූ දැවැන්ත තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වී ඇත.

බැරල් මිලියන 2.5ක ධාරිතාවකින් යුත් මෙම නෞකාව ප්‍රහාරයට ලක්වීමෙන් පසු එහි ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම සිදුවීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.

මේ අතර, කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් අතිරේක නාවික භටයින් 2,000ක් මැදපෙරදිග කලාපය වෙත යෙදවීමට තීරණය කර ඇත.

ඇමෙරිකානු නිලධාරීන් පවසන පරිදි, ගුවන් යානා ප්‍රවාහක නෞකා තුනක් සහ ගොඩබිම් මෙහෙයුම් සඳහා සූදානම් කර ඇති නාවික කණ්ඩායම් දෙකක් දැනටමත් ඉරානය ආශ්‍රිත කලාපය වෙත යොමු කරමින් පවතී.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version