කඩවත, මංගඩ පාර ප්රදේශයේදී අද (03) සිදුවූ අනතුරකින් විදුලිබල මණ්ඩලයේ සේවකයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත. විදුලි කණුවක අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටියදී ඔහුට මෙලෙස විදුලි සැර වැදී තිබේ.
අධි පීඩන විදුලි රැහැන්වල විදුලිය විසන්ධි නොකර මෙම අලුත්වැඩියා කටයුත්ත සිදුකිරීමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම අනතුරින් තවත් සේවකයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
