කන්තලේ ජලාශය සහ ඒ අවට ප්රදේශය සංචාරක ආකර්ෂණය දිනාගන්නා කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතියේ මූලික අදියර මේ වන විට ආරම්භ වී ඇත.
මෙම සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 20ක මූල්ය ප්රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වේ. ව්යාපෘතිය යටතේ ජලාශයේ ඉවුරු අලංකාර කිරීම සහ නවීන විදුලි ආලෝක පද්ධතියක් ස්ථාපනය කිරීම ප්රධාන වශයෙන් සිදු කෙරේ.
දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීම අරමුණු කරගනිමින් ක්රියාත්මක කෙරෙන මෙම වැඩසටහන, කන්තලේ ප්රදේශයේ ආර්ථික වර්ධනයට විශාල පිටුවහලක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ව්යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර, පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් අක්මීමන යන මහත්වරුන් ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ප්රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.
