ඊශ්‍රායලය බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් තුළ ඇති වූ අර්බුදකාරී තත්ත්වයක් පාලනය කිරීමට සමත් වූ ඉන්දීය ගුවන් නියමුවෙකු වන ස්මිත් මාර්චර් (Smith Marcher) සැබෑ වීරයෙකු බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

ගුවන් යානය ගමන් කරමින් සිටියදී නියමුවන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී ඉන්දීය ජාතික නියමුවා පිහි ඇනුමකට ලක්ව ඇති බව වාර්තා වේ.

මෙම ගැටුම හේතුවෙන් යානය වහාම සවුදි අරාබියේ ටුබැක් (Tubak) ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට පියවර ගෙන ඇත. තුවාල ලැබූ නියමුවා මේ වන විට එහි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

නියමුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමක පවතින බව රියාද්හි පිහිටි ඉන්දීය තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.

අගමැති නෙතන්යාහු සඳහන් කළේ මෙම නියමුවාගේ මැදිහත්වීම නිසා යානයේ සිටි මගීන් 174 දෙනෙකුගේ ජීවිත බේරුණු බවයි. ඔහු මැදිහත් නොවන්නට ගුවනේදී විශාල ව්‍යසනයක් සිදුවීමට ඉඩ තිබූ බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version