ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා අදාළ වන පරිදි නව තරග කොන්දේසි මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම සංශෝධිත නීති රීති පසුගිය ඔක්තෝබර් 01 වනදා සිට බලාත්මක කෙරිණි.

තරගවල වේගය පවත්වා ගැනීමට සහ කාලය නාස්ති වීම වැළැක්වීමට පිතිකරුවන් සඳහා දැඩි නීති හඳුන්වා දී ඇත. ඒ අනුව, පන්දුවට පහර දීමට නියමිත වේලාවට සූදානම් නොවන පිතිකරුවන්ට අවවාද කිරීමෙන් අනතුරුව, තුන්වන වරටත් එම වරද සිදුවුවහොත් ප්‍රතිවාදී කණ්ඩායමට දඬුවම් ලකුණු 5ක් ලබා දීමට පියවර ගනු ඇත.

එමෙන්ම, ටෙස්ට් ක්‍රිකට් තරගවලදී මන්දාලෝකය හේතුවෙන් සිදුවන බාධා අවම කර ගැනීම සඳහා දෙපාර්ශ්වයේ එකඟතාව මත රෝස පැහැති පන්දු භාවිත කිරීමට අවසර හිමිවේ. දවසේ අවසාන පන්දුවාරයේදී කඩුල්ලක් බිඳ වැටුණද, ආලෝක තත්ත්වය යහපත් නම් තරගය නතර නොකිරීමට ද නව නීති යටතේ අවසර ලබා දී ඇත.

කාන්තා ක්‍රිකට් සඳහා නව පන්දු ප්‍රමිති හඳුන්වා දීම සහ විස්සයි-20 තරගවල ඉනිම් අතර විනාඩි 15ක ස්ථිර විවේක කාලයක් ලබා දීම ද මෙම නව සංශෝධනවලට ඇතුළත් වේ. ක්‍රීඩාවේ ගුණාත්මකභාවය සහ වේගය ආරක්ෂා කර ගැනීම මෙම වෙනස්කම්වල මූලික අරමුණ බව ICC පිරිමි ක්‍රිකට් කමිටුව පවසයි.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version