නවසීලන්තයේ මහ මැතිවරණය පැවැත්වීම සඳහා එරට පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැර තිබේ. මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කරමින් පසුගිය 01 වනදා මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව නොවැම්බර් 07 වන දින ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

පසුගිය 23 වනදා නවසීලන්තයේ 54 වන පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරය පැවැත්විණි. මෙවර මැතිවරණය පාලක මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය සහ වාමාංශික කණ්ඩායම් අතර තියුණු තරගයක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මෑතකදී නිකුත් වූ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන්නේ වාමාංශික සන්ධානය ආසන 65ක් සහ පාලක සන්ධානය ආසන 59ක් බැගින් ලබා ගැනීමට ඉඩ ඇති බවයි. එරට පාර්ලිමේන්තුවක උපරිම කාලය වසර තුනක් වන අතර, අවසන් මහ මැතිවරණය 2023 ඔක්තෝබර් මාසයේදී පැවැත්විණි.

මැතිවරණ කාලසටහනට අනුව විදේශයන්හි වෙසෙන නවසීලන්ත ජාතිකයින් සඳහා ඡන්ද විමසීම ඔක්තෝබර් 21 වන දින පැවැත්වේ. පූර්ව ඡන්ද විමසීම් කටයුතු ඔක්තෝබර් 26 වන දින ආරම්භ කිරීමට නියමිතය.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version