මොනරාගල පොලිස් කොට්ඨාසයට අයත් බුත්තල, කුඩාඔය සහ ඔක්කම්පිටිය යන පොලිස් ස්ථානයන්හි ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් අලුතින් ඉදිකරන ලද නිල නිවාස සංකීර්ණය ඊයේ (03) දින නිල වශයෙන් භාර දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
එමෙන්ම, මේ දිනවල ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතින මොනරාගල කොට්ඨාස පොලිස් අධිකාරි කාර්යාලයේ නව ගොඩනැඟිල්ල නිරීක්ෂණය කිරීමටද පොලිස්පතිවරයා එක් විය. එහිදී ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවශ්ය උපදෙස් සහ මඟ පෙන්වීම් ඔහු විසින් ලබා දෙන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා ඌව පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සහ රාජ්ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.
