ශ්රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ (SLFFA) 45 වැනි වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති අනුර කරුණාතිලක මහතා ප්රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය.
එහිදී 2026/2027 ධුර කාලය සඳහා MAC Supply Chain Solutions (Pvt) Ltd හි කළමනාකාර අධ්යක්ෂ ඇන්ඩ්රි ප්රනාන්දු මහතා සභාපතිවරයා ලෙස තේරී පත් විය. උප සභාපතිවරයා ලෙස Foreway Logistics හි කළමනාකාර අධ්යක්ෂ ශවින්ද්ර ඩයස් මහතාත්, භාණ්ඩාගාරික ලෙස Scanwell Logistics Colombo හි අධ්යක්ෂ ප්රියාන් සීල්මන් මහතාත් පත්වූහ.
සංගමය විසින් මෙහිදී ශ්රී ලංකාව පූර්ණ ඒකාබද්ධ කලාපීය භාණ්ඩ ප්රවාහන මධ්යස්ථානයක් බවට පත් කිරීමේ උපාය මාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළේය. සාම්ප්රදායික ප්රතිඅපනයන සේවාවන්ගෙන් ඔබ්බට යමින්, ජාත්යන්තර මධ්යස්ථාන සමඟ තරග කිරීම සඳහා ‘Sea-Air multimodal bonded corridors’ සංවර්ධනය කිරීමට මෙහිදී යෝජනා විය.
මෙම නව වැඩපිළිවෙල හරහා පැය 24 සිට 48 දක්වා කාලසීමාවක් තුළ භාණ්ඩ ප්රවාහන කටයුතු සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ. නව නිලධාරී මණ්ඩලය සහ විධායක කමිටුව ශ්රී ලංකාවේ කාර්ය උපාය සහ නැව්ගත කිරීමේ ක්ෂේත්රයේ ප්රවර්ධනය සහ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව කැපවී කටයුතු කිරීමට බලාපොරොත්තු වේ.
