ස්පාඤ්ඤයේ ප්‍රධාන නගර රැසක දහස් ගණනක පිරිසක් එක්ව දැවැන්ත විරෝධතා මාලාවක් දියත් කර තිබේ. එරට පවතින නිවාස අර්බුදය විසඳීමට රජය අපොහොසත් වීම සහ කුලී නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු නොකිරීම මෙම විරෝධතාවලට ප්‍රධාන හේතුව වී ඇත.

මැඩ්රිඩ්, වැලෙන්සියා සහ බාසිලෝනා වැනි ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් පෙළපාලි 50කට අධික සංඛ්‍යාවක් පැවැත්විණි. කුලී මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව විරෝධතාකරුවෝ පවසති.

පසුගිය මාසයේදී 87 හැවිරිදි කාන්තාවක් ඇය පදිංචිව සිටි නිවසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමේ සිදුවීමත් සමඟ මෙම විරෝධතා උත්සන්න විය. මෙම සිදුවීමත් සමඟ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිවාස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී ඇත.

විරෝධතා අතරතුර ඇතැම් ස්ථානවල පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයන්ද වාර්තා විය. කුලී මිල පාලනය කිරීමට සහ නිවාසවලින් ඉවත් කිරීම් නතර කිරීමට විශේෂ නීති සම්පාදනය කරන ලෙස ජනතාව රජයට බල කර සිටිති.

Share.
Leave A Reply

© 2026 Sinhala Win. All rights reserved.

Exit mobile version